අවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතරද සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා මැයි 30 දා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
එසේම කෙවිඩ් 19 වසංගතය ආරම්භවූ විටදී වෙළඳසැල්වලට හා සුපිරිවෙළඳසැල්වලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රියාත්මක කළ ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක කිරීමද ඉදිරියේදී සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය අංශ විසින් සිදුකරණ එන්නත් කිරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 10කට වැඩි ප්‍රමාණයකට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදෙන බවද ඔහු පැවැසීය.