සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන, වයස අවුරුදු 6ක පමණ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය ගැන තොරතුරු දන්නේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වීඩියෝ පටය හා සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැරිය හඳුනා ගත් යම් අයෙක් සිටී නම්, ඒ පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ හෝ 1929 ළමා උපකාරක දුරකථන අංකයට හැකි ඉක්මණින් දැනුම් දෙන මෙන් එම අධිකාරිය ඉල්ලා සිටියි.