අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්, ලංගම බස්රථ 1500ක් හා පෞද්ගලික බස්රථ 600ක් යොදවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
අද (09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම අතිරේක දුම්රිය හා බස් රථ කාලසටහන හෙට (10දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
“අමතරව යොදවන බස්රථවලට ආපසු ගමන්වාර ලබා දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අතිරේක ගමන්වාරවල යොදන බස්රථ අර්ධ සුඛෝපභෝගී ගාස්තු යටතේ යෙදවීමට අපි කටයුතු කර තිබෙනවා.
අවුරුදු සේවා ක්‍රියාත්මක කිරීමේදී අපට නිතරම ලැබෙන පැමිණිල්ල වන්නේ වැඩිපුර ගාස්තු අය කිරීම. ඒ නිසා වැඩිපුර මුදල් ගැනීම වැළැක්වීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ඒ යටතේ බස්රථය පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා.
ඒ වගේම බස්රථය තුළ ගාස්තු සටහන් කිරීමටත් ජංගම පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටත් කටයුතු යොදා තිබෙනවා. කිසියම් හෝ ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන ලෙසත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”යි ද ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.