තිසර සමල් එප්පාවල
මේ ඡන්දේ කාලෙට දෙන පොරාන්දු දැක්කම අවුරුදු 72 ක් ම කරලා තියෙන්නේ බොරුවක්නේ.අවුරුදු 72 ක් ආණ්ඩු තිබුණානේ.අවුරුදු 72 ක් කරන්න බැරි වුණ දේවල්.පාර්ලිමේන්තුවට ගොඩවෙන්න හදන එවුන් ටික මාසෙන් කරන්නම් කියනවායැයි හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක පැවසීය.
මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
අපිට ඕනකම තියෙන්නේ ගෝඨාභය මහත්තයා එක්ක රටක් නැගිට්ටවන්න, රටක් සංවර්ධනය කරන්නයි.අගෝස්තු මාසේ 05 වැනිදා පොහොට්ටුව ලකුණට කතිරය ගහලා, ඊළඟට තව වැඩක් තියෙනවා, මනාප 03 ක් තියෙනවා දෙන්න,මනාප දෙන අය මේ වෙන කොට තීරණය කරලත් ඇති, කාට මනාප දෙන්න තීරණය කළත් මේ දේත් මතක තියා ගන්න, අපි ගෝඨාභය මහත්තයා එක්ක රට වෙනස් කරන්න ඕන නම්, අපිත් වෙනස් වෙන්න ඕන, ඔබතුමන්ලාත් වෙනස් වෙන්න ඕන,දැන් සාමාන්‍යයෙන් කොළඹ ඇරෙන්න ලංකාවේ හැම තැනකම මනාප දෙන ක්‍රමයක් තියෙනවානේ, මැතිවරණයක් ආවම ගමේ ඉන්න කාන්තාවෝ ටික ලියුමක් හදා ගන්නවා සාස්පාන් කට්ටලයක් ඉල්ලලා, ගමේ මරණාධාර සමිතිය පුටු ටිකක් ඉල්ලනවා.පන්සලෙන් ලවුඩ්ස්පීකරයක් ඉල්ලනවා, මෙහෙම මැතිවරණ කාළයට බඩුමුට්ටු ඉල්ලලා, ඒ බඩු-මුට්ටු දෙන අයට තමයි මනාපය ගහන්නේ, සාස්පාන් කට්ටලයක් ඉල්ලුවාම අපේක්ෂකයා එනවා සාස් පාන් කට්ටලයක් එක්ක, ඇවිල්ලා සමිතිය රැස් කරලා ගම ඉස්සරහා දීලා මෙන්න ෂෝක් මහත්තයා මේ මහත්තයටත් මනාපයක් දෙන්න කියලා කියනවා.පුටු ටික දුන්නම පුටුවටත් මනාපයක් දෙනවා.ඔබතුමන්ලා මතකයි නේද අනුරාධපුරයේ උදලු තලයටත් මනාපයක් දුන්නානේ, ඔච්චර ගෙදර උදලු තියෙන අපි, උදලු තලයක් ගෙදරට ගෙනත් දුන්නම ඔලුවට ආවේ මොකක්ද? පාර හදපු බව ඇත්ත, පාසල හදපු බව ඇත්ත, රෝහල හදපු බව ඇත්ත, හැබැයි අපිට කියලා පුද්ගලික දෙයක් දුන්නේ අහවලා විතරයි කියලා උදැල්ල නිසා මනාපයක් ගැහුවා.අවසානයේ අනුරාධපුරයත් ඉවරයි, රටත් විනාශ වුණා.ඒ නිසා මනාප ගහන්න ඕනකම තියෙන්නේ කතිරය ගහන මනුස්සයාගෙන් අවුරුදු 05 ක් වැඩ ගන්න බලාගෙන.ඒ ඇරෙන්න 05 වැනිදා වෙනකල් ගන්නේ මොනවද? 05 වෙනිදා වෙනකල් දෙන්නේ මොනවද කියලා නෙමෙයි.දැන් අඹ පැළයක් බෙදලත් ඉල්ලනවා මනාපයක්.කොරෝනා බඩු මල්ල බෙදලත් ඉල්ලනවා මනාපයක්, කන්න බොන්න දීලත් ඉල්ලනවා මනාපයක්, අරක්කු කාළක් දීලත් ඉල්ලනවා මනාපයක්, ගෝඨාභය මහත්තයා එක්ක අගෝස්තු මාසේ 05 වැනිදා වෙනකල් කණ බොන දේටයි, එකතු කර ගන්න බඩු මුට්ටු වලටයි මනාපයක් දුන්නොත් රටක් හදන්න පුලුවන්ද? රටක් හදන්න නම් වැඩක් කරන්න පුලුවන්, වැඩක් කරන කණ්ඩායමක් එක්ක තමයි ගමට සංවර්ධනය ගේන්න පුලුවන්කම තියෙන්නේ.