නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ අවු 13 මාස 10 වයසැති පාසල් දැරියක් අපයෝජන කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ අවු 32 වයසැති පෙම්වතා, පියා ඇතුළු තවත් තිදෙනෙක් සැකපිට (14) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.
පාසල් දැරිය ඉකුත් (01) දින සිට නිවසින් අතුරුදහන් වි ඇති බවට එම පාසල් දැරියගේ මව විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව එම දැරියගේ ඥාතින් පිරිසක් විසින් අතුරුදහන්ව සිටි දැරියව ඉකුත් (07) දින නාවලපිටිය වටද්දර පොලිසිය වෙත භාර දි ඇති අතර ,පසුව වටද්දර පොලිසිය විසින් එම දැරිය නාවලපිටිය පොලිසිය භාර දිමෙන් අනතුරුව දැරියව නාවලපිටිය පොලිසිය විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.
රෝහල් ගත කරන ලද දැරිය විසින් නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත කල ප්‍රකාශයක් අනුව සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වසර 10 දි තම පියා තමන්ව අපයෝජනය කල බවත්, පසුව පෙම්වතා තමන්ව හරංගල ප්‍රදේශයේ ගල් ගුහාවකට රැගෙන ගොස් දින කිහිපයක් එහි රදවාගෙන තමන්ව අපයෝජනය කල බවට පවසා ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
පෙම්වතා සහ සිය පියා ප්‍රධාන සැකකරුවන් බවත්, සෙසු සැකකරුවන් බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමට අනුබල දුන්නේ යැයි කියන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.
අපයෝජනයට ලක් වුවේ යැයි කියන පාසල් දැරියට අවු 10 ක සහෝදරයෙකු පමණක් සිටින බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.