වයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.
මෙකි මව ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මිට මාස දෙකක පමණ කාලයක සිට රෝගි තත්වයෙන් සිට ඇති අතර දියර ආහාර පමණක් ගෙන ඇත. මිට දින දෙකකට පමණ පෙර මෙකි කාන්තාවට උණ රෝගය වැළදි ඇති අතර ඊයේ (22) නිවසේ දි මියගොස් ඇත.
මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මෙකි මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකරණු ලැබිය.
ඉදිරිපත් වු සාක්ෂි හා ටෛද්ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.