ඉදිරි දින හතක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා වැඩිකර, බස් ගාස්තු 10%කින් ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අදාළ ගැටලුව විසඳන තෙක් බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
බස් සංගම් කිහිපයක් එකතු වී අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අතර, මෙහිදී බස් සංගම් සඳහන් කළේ, ගෙවීගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 14කින් මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.