දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට අලෙවිය තබා ඇති කේක්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා කේක් ශිතකරණවල තබා හෝ වියළි සිසිල් ස්ථානවල තබා කේක් අලෙවි කරණ ලෙසට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව කේක් මිලදී ගන්නා ජනතාව කල් ඉකුත් වීමේ දිනයට අමතරව කේක් ගෙඩියේ ස්වරූපය පිළිබඳය දැඩි අවධානය යොමුකර මිලදී ගන්නා ලෙසද ඉල්ලා සිටියි.