මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාම් හා සරලව උපේක්ෂා සහගතව තම පවුලේ සාමජිකයන් සමග පමණක් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියි.
අලුත් අවුරුදු දින පණිවිඩය නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙවර අලුත් අවුරුද්දට සුබ පැතීමට සිදුව ඇත්තේ ඉතා තිරණාත්මක අනතුරක් අභිමුවෙහි සිට බවයි.
මෙම අලුත් අවුරුද්ද සෞඛ්‍යමය අවවාද හා නිර්දේශවලට අනුව ගත කිරීමට සිදුව ඇති බවත් ජාතියේ පැවැත්ම වෙනුවෙන් මහජන සුවසෙතට අදාළව පැනවූ නීතිරීති හා වාරණ අලුත් අවුරුදු දින කිහිපයේදී ක්‍රියාත්ක කරන බව සිහිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

.