බරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි.
ඊයේ ( 25) පෙරවරුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ දැනට ආරම්භකර ඇති ව්‍යාපෘති සහ ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානය වන විට වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් අලි-මිනිස් ගැටුම උග්‍ර අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති අතර, ඉදිරියට සැලසුම් කරනු ලබන ව්‍යාපෘති අලි-මිනිස් ගැටුමට මගපාදන ආකාරයට සැලසුම් නොකිරීමට වගාබලාගන්නා ලෙස ද අග්‍රමාත්‍යවරයා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.
මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහි දී විශේෂ සමාලෝචනයකට ලක්කෙරුණ අතර ඒ යටතේ වාරිමාර්ග යෝජනා ක්‍රම, පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ව්‍යාපෘති සකස් කිරීම, කෘෂිකර්මාන්තයට ජලය සැපයීම, කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් නිදහස් කිරීම, ජල විදුලිය නිෂ්පාදනය, විදුලිය නිෂ්පාදනය කරන සූර්ය කෝෂ ස්ථාපිත කිරීම, වැව් ප්‍රතිසංස්කරණය, ගංවතුර පාලනය, ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.
