අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල් දෙකක සේවකයින් 19 දෙනෙකු පසුගිය දා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.
මෙම තොග වෙළෙඳ සැල සමග නිතරම ගණුදෙනු කරන පුද්ගලයකු කොවිඩ් ආසාදිත වීමෙන් අනතුරුව එම වෙළෙඳ සැලේ හිමිකරුන් ඇතුළු සේවකයන් හට කළ පී.සී.ආර් පරීක්ෂණවලදී පසුගිය 18 වැනිදා මෙම ආසාදිතයින් 19 දෙනා හඳුනාගෙන තිබූ අතර මේ අද වන විට එම තොග වෙළඳසැල ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 42 ක් බව අලව්ව සෞඛ්‍ය නිලධාරීන් පැවසීය .