අධිකරණ නියෝගයක් මත මුදා හැරීමට නියමිත කැබ් රථයක් මුදා හැරීම සඳහා පුද්ගලයකුගේම රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත වරෙන්තු නිළධාරියා ගේ රාජකාරී වැඩ තහනම් කළ බව මහරගම පොලිසිය කියයි.
නුගේගොඩ(IV) ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර වීරසිංහ මහතා විසින් සැකකාර නිලධාරිවරයා අත්අඩංගුවට ගත් (ඉකුත් 3) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි එම නියෝගය නිකුත් කර ඇතැයි පොලිසිය කියයි
ඉකුත් පෙබරවාරි මස 17 වැනි දා මහරගම පොලීසිය මගින් ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ටාටා වර්ගයේ කැබ් රථය ඉකුත් 3 වෙනි දින එහි අයිතිකරු වන ගම්පහ බණ්ඩාරවත්ත ප්රදේශයේ පුද්ගලයකුට මුදාහරින ලෙස අධිකරණය මගින් නියෝග ලබාදී තිබු බව පොලිසිය කියයි
සැකකාර වරෙන්තු නිලධාරියා විසින් එම නියෝගය නොතකා කැබ් රථයේ හිමිකරුගෙන් රුපියල් 20000 අල්ලස් මුදලක් ඉල්ලා එම මුදල මහරගම නගරයේ රාජ්ය බැංකුවක් අසලදී ලබාගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් පත්කෙරිණි
කැබ් රථයේ හිමිකරු වන ගම්පහ පදිංචි පුද්ගලයා කැනේඩියානු රටේ පුරවැසිභාවය ලබා ඇති තැනැත්තකු බවද පොලිසිය කියයි