2021 දෙසැම්බර් මස 05 වැනිදා අගහරුවාදා
චමිල් රූපසිංහ
තම ආයතනයට ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය ලබා ගැනිම සඳහා අදාළ පුද්ගලයා මහනුවර පෞද්ගලික රෝහලකට වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වී ඇති අස්ථාවේදි මෙම අල්ලස් ලබා ගැනීම සිදුකර තිබෙන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එහි සිටි තවත් නාගරික මන්ත්‍රීවරයෙකු පළාගොස් ඇති බව දැන ගන්නට තිබේ.