අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගව ඝාතනාගාරයක හිමිකරුවෙකු ගෙන් ඇතුන්ගහකොටුව හන්දියේ දී රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන )කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.
නිත්‍යානුකූල බලපත්‍ර ලබාගෙන දිවුරුම්පොල ඇතුන්ගහකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගව ඝාතකාගාරයක් වෙත පැමිණ තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එය පරීක්ෂාකර ගවමස් වලට මුද්‍රා තැබීම මස් ප්‍රවාහනය හා වෙළඳසැලේ මස් විකිණීමට අදාළ වාර්තා ලබාදීම වෙනුවෙන් එම මුදල ඉල්ලා, එකී මුදල් ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය
පැමිණිලිකරු 1957 දුරකථන අංකය හරහා සිදු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි
අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

