සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවු ගරාජ් හිමියකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ගරාජ් හිමියාගෙන් රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මාතලේ දිස්ත්රික් හිටපු කම්කරු නිලධාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 14 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය.
විත්තිකරුට නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතීඥ තුෂාරී දයාරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මාතලේ දිස්ත්රික් කම්කරු නිලධාරීවරයා ලෙස කටයුතු කළ බිම්සර ලීල් කොඩිතුවක්කු නමැත්තාටය.