අද විපක්ෂය දිහා බලද්දී ඉතා කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් නාමයෝජනා ඉදිරිපත් කිරීමටවත් නොහැකිව ලකුණේ අර්බුදයට මුහුණ පා තිබෙන නිසා දැන් අලියාට දුරකතයෙන් ඇමතුවත් අලියා කිසි ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකට පත්වි ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (11) කොළඹ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කල සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේගුණවර්ධන මහතා,
“අද පොදුජන පෙරමුණ සුභ මොහොතින් නාමයෝජනා අත්සන් කරනු ලැබුවා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දිස්ති‍්‍රක් මට්ටමින් නාමයෝජනා අත්සන් කළා.
ඉදිරි මහමැතිවරණ කටයුතු සඳහා ජනතා විශ්වාසයෙන් ගොඩනැගී පක්ෂයක් හැටියට අතිවිශිෂ්ඨ ජයක් ලබා ගන්නා අතර, පළාත් මට්ටමින් හා දිස්ති‍්‍රක් මට්ටමින් මැතිවරණ සැලසුම් සකස් කරමින් පසුවෙනවා.
අද විපක්ෂය දිහා බලද්දී ඉතා කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ. නාමයෝජනා ඉදිරිපත් කිරීමටවත් නොහැකිව ලකුණේ අර්බුදයට මුහුණ පා තිබෙන අතර, දැන් අලියාට දුරකතයෙන් ඇමතුවත් අලියා කිසි ප්‍රතිචාරයක් නොදක්වන තත්ත්වයකට පත්වෙලයි තිබෙන්නේ. බිරි අලින්ට වීණා වයන්නා වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. කොච්චර කතා කලත් ඇහුණේ නැහැ වගේ ඉන්නවා.
දැන් විපක්ෂයේ මැතිවරණ සටන නිර්මාණය වී තිබෙන්නේ අනිකුත් පක්ෂ සමඟ නොව UNP පක්ෂය හා පිහිටවු නව සන්ධානය වන සමගි ජනබලවේගය සමග බව හොඳින්ම පැහැදිලි වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වු සුජීව සේනසිංහ මහතා කියාසිටින්නේ පක්ෂයේ තුළ කලුපැල්ලම් තිබෙනවා ඒවා ඉවත් කළයුතු බවයි. මොනවාද ඒ කලු පැල්ලම් ලෙස අදහස් කරන්නේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කරන ලෙස කියාසිටියා.
නාමයෝජනා සම්බන්ධ කටයුතු සතියක් පුරාවට සිදුවෙනවා. රටේ බුද්ධිමත් ජනතාව හොඳ දැක්මක් පෙරදැරිකරගත් පොදුජන පෙරමුණ සමඟ එක්වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
රටේ කතාබහට ලක්වුන රවී කරුණානායක මහතා අද සැඟවී සිටින්නේ ආරක්ෂක අංශ විසින්. මේ සැඟවුණ අමුත්තා සෙවීමට මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. තමන් නිවැරදි නම් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත්, ජනතා නියෝජිතයෙකු හැටියට සැඟවී සිටීම උචිත නොවන බවත්, සඳහන් කරන්න කැමතියි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.