කොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.
හුදකලා කළ ප්‍රදේශ
මාතර දිස්ත්‍රික්කය
මාතර පොලිස් බලප්‍රදේශයේ - උයන්වත්ත 417 G හා උයන්වත්ත උතුර 417 D ග්‍රාම නිලධාරී වසම්
මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට පොලිස් බලප්‍රදේශයේ - උඩහපුවිද E367 ග්‍රාම නිලධාරී වසම
මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ - වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම හා කොස්ගස්තැන්න ගම
පුත්තලම දිස්ත්‍රික්කය
කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ - මැද කිරිමැටියාන 466A ග්‍රාම නිලධාරී වසම
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශය - නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම