තරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන 'අලුත් පියාපත්' සංවිධානය විසින් රෝහල් කාර්යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නියමාකාර ප්‍රමිතියෙන් යුතුව නිමවා මේ වන විට රෝහල් කිහිපයකටම බෙදා හැර තිබේ.
ඒ අනුව, ආරක්ෂිත ඇඳුම් අවශ්‍යව පැවති රාගම රෝහල, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල, රත්නපුර රෝහල, කිරිබත්ගොඩ මූලික රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත භාර දී ඇත.
මේ වන විට ඔවුන්ගේ මෙම දායකත්වය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලවලද ඇගයුමට ලක්ව තිබේ. මෙම ආරක්ෂිත ඇඳුම් දිවයිනේ සියලුම රෝහල් වෙත ලබා දිය හැකි නම් අගනා බවත්, එම ඇඳුම් ආරක්ෂිත බව දැනෙනා නිමාවකින් යුක්ත බවත් කහවත්ත රෝහලේ වෛද්‍ය තුෂාර ජයසූරීය මහතා පවසයි.
මේ පිළිබඳ 'අද' සමඟ දැක්වූ අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සමාජික, සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර මහතා,
"මේ වන විට රට පුරා ව්‍යාප්තව ඇති covid 19 වසංගතය මර්දනයෙහිලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නේ සෞඛ්‍යය සේවයේ සියලුම කාර්ය මණ්ඩලයන් සහ ආරක්ෂක අංශයන් විසිනි. ඒ බොහෝවිට අවම පහසුකම් යටතේ තම ජීවිත පවා අවධානමට ලක් කරමින්. අප සියලු දෙනාගෙ ගෞරවයට පාත්රව සිටින ඔවුන් වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය පළ කරන්න මිනිසත්කම හඳුනන ආදරණීය ඔබගේ සහයද අැතිව අලුත් පියාපත් අප විසින් ආරම්භ කරන ලද Corona Kit ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ රාගම රෝහලට 25 වෙනිදා දෙවනි වරටත් ආරක්ෂිත ඇඳුම් 80 ක්ද, පිළියන්දල මහජන සෞඛ්‍ය කාර්යාලයට 08ක්ද, කඩුවෙල මහජන සෞඛ්‍ය කාර්යාලයට 05 ක්ද, නවගමුව රෝහලට 15 ක්ද, නවගමුව පොලිස් ස්ථානයයට 02ක්ද, හබුරුකඩ රෝහලට 05 ක්ද බැගින් ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමට ක්‍රියා කළා.
එමන්ම දිවයින පුරා රෝහල්, මහජන සෞඛ්‍ය කාර්යාල සහ පොලිස් ස්ථාන වෙතින් කරනු ලබන ඉල්ලීම් වලට අනුව අපට හැකි අයුරින් මෙම Corona Kit ලබා දීමටද ක්‍රියා කරමින් සිටිනවා." යැයි පැවසීය.