අද (28) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 174,860 ක් බවත් එන් ආසාදිතයන් 77765ක් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
එසේම ඊයේ (28දා) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,584 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් පුද්ගලයින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,572 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 429 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 415 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 356 ක් වාර්තා වේ. ඉතිරි ආසාදිතයන් 1372 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
අද (28) දින උදෑසන වනවිට, හදුනාගත් සම්පුර්ණ ආසාදිතයින්ගෙන් මේ වනවිට පුද්ගලයින් 143,788 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (28) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 28,336 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් - 19 ආසාදිත රෝගීන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 1,325 ක් දක්වා ඉහළ ගොස් ඇත.