පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක අර්තාපල් ගෙඩි ලෙස ව්‍යාජ ලෙස අසුරා තිබූ හෙරොයින් තොගයක් සමග පකිස්ථාන් ජාතිකයෙකු සමඟ පුද්ගලයින් 07 දෙනෙකු සැක පිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අදාළ කන්ටේනරයේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම්478ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. සැකකරුවන් මීගමුව,යටියන,මිනුවන්ගොඩ,වෙන්නප්පුව හා මාරවිල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (13od) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.