බලපත්ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අලි ජාවාරම්කරුවෙකු බව පැවසෙන නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුව අද (26දා) ත්රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා පත්ර භාරදීම සිදු කරනු ලැබීය.
එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින විත්තිකරුවන් විසින් රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවද අධිකරණය නියෝගය කර තිබේ. නඩුව නැවත නොවැම්බර් මස 8 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.