අරුවක්කාලු කසල අංගණයට කසල ප්රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද (9) දින අලුයම කරිකට්ටිය ප්රදේශයේදී එකිනෙක ගැටිමෙන් එක් රථයකට බරපතළ හානි සිදුව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් වන අතර ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිංග තද කිරිමත් සමග පසුපසින් පැමිණි ටිපර් රථයේ ගැටිම සිදුව ඇති බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලීසිය පවසයි .
මෙම අනතුර පුත්තලම කොළඹ ප්රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්රදේශයේදී අද දින අලුයම සිදුව තිබු අතර පසුව මුන්දලම පොලීසිය විසින් අදාළ කසල පටවා තිබු ටිපර් රථය දොඹකර ලොරි රථ ආධාරයෙන් මුන්දලම පොලීසිය වෙත රැගෙන යාම සිදුව තිබුණි.
පොලීසිය පවසන්නේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්රවාහනය කරමින් තිබු ටිපර් රථ මේ ආකාරයට අනතුරට ලක්වු තුන්වන අවස්ථාව බවයි .
රියදුරා පමණක් ටිපර් රථයේ රැඳි සිටිම නිසා ඇතැම් රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් එක දිගට කිලෝමිටර් 150කට වැඩි දුරක් ධාවනය කිරිමත් සමග රියදුරන්ට ඇතිවන අධික නිදිමත හා වෙහෙස මෙම අනතුරට හේතු විය හැකි බව පොලිස් නිලධාරින් පෙන්වා දෙති.