අරුවක්කාලු හුණුගල් කොරියේ සිට පුත්තලම සිමෙන්ති නිශ්පාදන සමාගමකට හුණුගල් ප්රවාහනය කරනු ලබන දුම්රියේ එන්ජිම 27 දින රාත්රියේ හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි.
හුණුගල් දෛනිකව ප්රවාහනය කිරීම සඳහා සමාගම සතුව දුම්රිය එන්ජින් දෙකක් ඇති අතර එයින් එම් 6 නැමති අධි බලැති ධාරිතාවයෙන් යුත් එක් එන්ජීමක කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇති බව කියයි.
කෙසේ වෙතත් රාත්රියේම අනෙක් දුම්රිය ඇන්ජිම යොදා ගෙන ගිනි ගැනිමට ලක්වු දුම්රිය පාලවිය සිමේන්ති නිශ්පාදනාගාරය වෙත ගෙනගොස් තිබේ.