කොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පළ වී ඇති පුවත සාවද්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් වන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද අග්‍රාමාත්‍ය කාර්යාල පවසයි.
කොවිඩ්-19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අන් රාජ්‍ය ආයතන, අමාත්‍යංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බවද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවත් කොවිඩ් ආසාධිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවත් ඔවුන් සනාථ කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතු වල නියැළී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි