මහ බැංකු බැදුම්කර නඩුවේ පළමු සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16දා) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
සිංගප්පූරු රජයට බාරදුන් එම ලේඛණ අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරූවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇති පිටු 21,000 ක් පමණ අඩංගු ගොනු වලින් සමන්විත අදාළ ලේඛනද ඇති බව නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.