පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් ගිලීමෙන් මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඊයේ (8දා) තහවුරු වූ බව පිළියන්දල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ මොරටුව ලක්ෂපතිය මහා විහාර පාර කනගරත්න ප්‍රදේශයේ පදිංචිව සිටි ඉරෙශ් උදයංග 37 එක් දරු පියෙකි්පු
ද්ගලයන් සිවුදෙනකු ත්‍රීරෝද රථයකින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කරදියාන ප්‍රදේශයට පැමිණ සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් තීරෝද රථය කරා පැමිණෙමින් සිටියදී මියගිය පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගෙන අනතුරුව ත්‍රීරෝද ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් තිදෙනාද තී රෝද රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.
සැකකරු එම අවස්ථාවේ සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500 මෙන්ම විද්‍යුත් තරාදියක් ද ත්‍රීරෝද රථයේ රියදුරු සන්තකේ රුපියල් 70,000 ක මුදලක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
ඒ අනුව පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මියගිය පුද්ගලයා සඳහා රැගෙන යාමේදී එම පුද්ගලයා කලන්ත ගතියක් පවතින බවට පොලිස් නිලධාරීන්ට පවසා තිබිණි
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා පිලියන්දල රෝහල වෙත රැගෙන ගොස් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරික්ෂා කර බැලීමෙන් අනතුරුව ඔවුන්ට කිසිදු රෝගී තත්වයක් නොමැති බවට පැවසීමෙන් අනතුරුව ඔහු වෛද්‍යවරයා අමතා තමන් අයිස් ග්‍රෑම් 5ක් ගිල දැමූ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාව වහා කළුබෝවිල රැගෙන යාමෙන් අනතුරුව පැය කීපයක දී ඔහු මිය ගිය බව පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරොනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව දැනගැනීම සඳහා සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුරේ අවසන් කටයුතු ඔට්ටමාවඩි ප්‍රදේශයේ සිදු කිරීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
මියගිය පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමග පොලීසියට කීප වතාවක්ම අසූ අයෙක් බව ඔහුගේ පෙර වාර්තා පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.