අධික වර්ෂාව, නායයාම් සහ තද සුළං හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 2055 පුද්ගලින් 7929ක් ආපදාවට ලක්ව ජීවිත හානි තුනක් ද දේපල හානි දහයක්ද සිදුව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ ( 19) දා පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහතටම ආපදා තත්ත්වය බලපා ඇතත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එය තදින්ම බලපා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙන්නීය.
ආපදාවට ලක්වු පවුල් අතරින් පවුල් 1345ක පුද්ගලයින් 5507ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් බවද දිස්ත්‍රික් ලේකම්වරිය ස`ඳහන් කළාය. නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූපොල බටේවෙල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බරැණ්ඩුව ප්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය.
රත්නපුර තිරවනාකැටිය ප්‍රදේශයේ තරුණ පිරිසක් ගංවතුරේ ඔරු පැදිමට ගොස් ඔරුව පෙරලීමෙන් ජීවන් රසික කුමාර නැමැති තිස් හැවිරිදි තරුණයෙක් ඊයේ දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතිබව රත්නපුර පොලිසිය පැවසුවේය.
කලුගගේ අතු ගංගාවක් වූ බඹරබොටුව ග`ග හරහා හයිරැණගම සහ ගල්ලෑල්ල යන ප්‍රදේශවල යොදා තිබු වැල් පාලම් (සංගිලි පාලම්) දෙකකට ද හානි සිදුව ඇති බවට ඊයේ සවස එම ප්‍රදේශවාසීන් පැවසීය. එ අසල සිටි ගම්වැසියෙකු විසින් වීඩියෝගත කර තිබුණි. පාලම් දෙකට හානි සිදුවීම සම්බන්ධයෙන් ඊයේ සන්ධ්‍යාව වනවිටත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාර්තා වී නොතිබුණ බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.
ආපදා තත්ත්වයට පත්වූ පිරිස අතරින් පවුල් 131ක පුද්ගලයින් 447ක් සිය ඥාති නිවෙස්වල රැකවරණය ලබා සිටින අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 19ක පවුල් 255ක පුද්ගලයින් 1031ක් ආරක්ෂිතව පසුවන බවද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 06ක් ස්ථාපිත කර ඇතිබවත් පවුල් 81ක පුද්ගලයන් 348ක් ද, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 08ක පවුල් 149ක පුද්ගලයින් 601ක්ද, අයගම කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 04ක පවුල් 15ක පුද්ගලින් 52ක්ද, ඇලපාත කොට්ඨාසයේ එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 10ක පුද්ගලයන් 30 දෙනෙකුද ස්ථානගත කර ඇතිබවද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
ආපදාවන්ට ලක්වු පිරිස් ස්ථාන ගත කිරීමේ දී කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමද වළක්වාගෙන සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය.
පැල්මඩුල්ල සහ ඕපනායක කොට්ඨාසවල දෙක බැගින් හා බළන්ගොඩ හා කොලොන්න කොට්ඨාසවල එක් නිවස බැගින් නිවාස හයක් පූර්ණ හානියට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධහානිවු නිවාස ගණන 409කි. බළන්ගොඩ කොට්ඨාසයේ නිවාස 186ක්ද රත්නපුර කොට්ඨාසයේ නිවාස 103ක් ද එසේ අර්ධ හානියට ලක්ව තිබේ.