දින දෙකක් තිස්සේ රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහ සුළං හේතුවෙන් ඇති වු ගංවතුර, නායයාම් සහ තද සුළං හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග්‍රාම සේවා වසම් 48ක පවුල් 420ක පුද්ගලයින් 1739දෙනෙකු ආපදාවට ලක්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද සවස පැවසුවාය.
රත්නපුර, ඇලපාත, නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කොළොන්න අයගම සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ආපදා තත්ත්වය නිසා බලපෑම් සිදුව ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කළාය.
ආපදාවට ලක්වු පවුල් 19ක පුද්ගලයින් 76ක් සුරක්ෂා මධ්‍යස්ථාන 05ක කදවුරු ගතකර ඇති බව කී දිස්ත්‍රික් ලේකම්වරිය අංගම්මන විහාරස්ථානය, ශිවන් කෝවිල, ජෙන්නන් ජුම්මා දේවස්ථානය සහ ශෛලතලාරාමය යන සුරක්ෂා මධ්‍යස්ථාන හතර රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවා ඇත.
ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත මහා විද්‍යාලයේ අනෙක් සුරක්ෂා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
ආපදාවට ලක්වූවන්ට අමතරව නිවාස 45කට අර්ධ හානි සිදුව වෙනත් දේපල හානි 04ක් ද වාර්තා වී ඇතිබව දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
වැඩිම පුද්ගල හානි සිදුව ඇත්තේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. එම කොට්ඨාසයේ පවුල් 351 ක පුද්ගලයින් 1463දෙනෙකුට බලපෑම් සිදුව ඇති අතර නිවාස 07කට අර්ධහානි සිදුව තිබේ. පවල් 28ක පුද්ගලයින් 92ක් ඇලපාතින් අපාදාවට ලක්ව ඇති අතර නිවාස 06කට අර්ධ හානි සිදුව ඇත.
කුරුවිට කොට්ඨාසයේ පවුල් 14ක පුද්ගලයින් 68ක් ආපදාවට ලක්ව නිවාස 05ට අර්ධ හානි සිදුව තිබේ. පවුල් 14ක පුද්ගලයින් 67ක් අපාදාවට ලක්ව ඇති පැල්මඩුල්ලේ නිවාස 14කට අර්ධහානි සිදුව ඇත. ඇහැලියගොඩ පවුල් 04ක පුද්ගලයින් 15කට බලපෑම් සිදුව නිවාස හතරකට අර්ධ හානි සිදුව තිබේ. ඊට අමතරව වෙනත් දේපල හානියක් ද එම කොට්ඨාසයෙන් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
පවුල් 03ක පුද්ගලයින් 13ක් ආපදාවට ලක්ව ඇති කිරිඇල්ලේ නිවාස තුනකට අර්ධහානි සිදුව ඇත. වෙනත් දේපල හානියක් ද එම කොට්ඨාසයෙන් වාර්තාවෙයි.
කොලොන්නේ පවුල් 01ක පුද්ගලයින් 11ක් ආපදාවට ලක්ව නිවාස 03කට අර්ධහානි සිදුව තිබේ. පවුල් 02ක පුද්ගලයින් 06ක් අයගම ආපදාවට ලක්ව ඇති අතර නිවාස දෙකකට ද අර්ධ හානි සිදුව තිබේ. එක් පවුලක පුද්ගලයින් 04ක් ආපදාවට ලක්ව ඇති නිවිතිගල එක් නිවසකට අර්ධ හානි සිදුව ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
ආපදා හේතුවෙන් සිය ඥාති නිවෙස්වල පවුල් 30ක පුද්ගලයින් 122ක් රැදී සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කළාය. කුරුවිට කොට්ඨාසයේ පවුල් 10ක පුද්ගලයින් 54ක්, ඇලපාත කොට්ඨාසයේ පවුල් 16ක පුද්ගලයින් 53ක්, සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 04ක පුද්ගලයින් 15ක් එසේ ඥාති නිවෙස්වල රැදී සිටිති.