මධ්‍යම කදුකරයට ඊයේ සිට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් දෙසිය හතරක (204) සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් වැඩිම හානි වාර්තා වී ඇතැයි ද ඒ මහතා කීහ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විපතට පත්වූන්ට සහන සැලසීම මේ වන විට ආරම්භ කර ඇති බව කී සහකාර අධ්යක්ෂවරයා, හන්තාන ප්‍රදේශයේ හානියට පත් නිවාස පිරිසිදු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව සහ මහනුවර මහ නගර සභාව එක්ව සිදුකරන බවත් සදහන් කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මහනුවර දිස්ත්‍රීක්කය නාය යාමේ අවදානම් පදේශයක් බවට පත් කර ඇති නිසා ජනතාව දැඩි විමසිලිවත් විය යුතු යැයි ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා වැඩිදුරටත් පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයක් නායයෑමේ අවදානම් ප්‍රදේශ ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.
මොහොමඩ් ආසික්