අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අද පැවති සාකච්ඡාවකදී ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් බවයි.
විපතට පත් ජනතාව මුදා ගැනීම හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනමින් සිදු කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් දි තිබේ.