පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 09 දෙනෙකු මරණයට පත්වී පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 13කට මේ මස පළමුවන දින සිට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 21ක පවුල් 1318කට අයත් පුද්ගලයන් 5834ක් රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික්ක 13 තුළ පවුල් 12478කට අයත් පුද්ගලයන් 48918ක් පීඩාවට පත්ව සිටින බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.