අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල සිටින ජනතාවට හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට රුපියල් ලක්ෂ 199ක් මුදාහැර තිබෙන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙන බවත්, මෙහිදී පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව නිවාස හානි තක්සේරු කර වන්දි ලබාදෙන තෙක් එක් නිවසක් වෙනුවෙන් රුපියල් දස දහසක වන්දි අත්තිකාරම් මුදලක් ලබාදෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. දිස්ත්‍රික්ක 14කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 2086කට හානි සිදුව තිබේ.