අධික වැසි සමඟ ඇතිවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කර සිටියේ අධික වැසි හා සුළඟින් දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ලවී ඇති බවය.
මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, රත්නපුර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.