ලෝකාන්තය නැරඹීමට යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන සිටියදි සැකපිට අත්අඩංගුවට ගත් බව පට්ටිපොළ පොලීසිය පවසයි.
මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය ජාතික තරුණයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 120ක් හා මර්ජුවානා නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් මෙසේ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් සංචාරකයන් පිරිසක් ලෝකාන්තයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියසදී සිදු කරන ලද පරික්ෂාවේදි ඔවුන් පොලීසියට හසුව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පට්ටිපොළ පොලීසිය පියවර ගෙන තිබිණි.