පුත්තලම ප්‍රදේශයේ දී “අයිස්“ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඇතුළු සිවුදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
කෙසේවෙතත් ඔවුන් සමග අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් පස් දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්ය.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23) උදෑසන ඔවුන් පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126ක් ද සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර වවුනියාව සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කළ සුරාබදු නියාමකවරයෙක් ද සිටි අතර සෙසු පිරිසගෙන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් පස්දෙනා කාන්තාවන් බව පොලීසිය සඳහන් කළේය.
මෙම සැකකරුවන් හෙට (25) දිනයේ යළි මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.