චන්දයක් නොවිමසා 2022 වසර අයවැය සම්මත වූවා යැයි කියමින් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා නැගිට යාමත් සමග අද(22) පැවති අම්බලන්ගොඩ නගර සභා අයවැය සභා රැස්වීම දැඩි උණුසුම් වී ඇත.
සභාපතිවරයා එසේ නැගිට යාමත් සමගම මේ සභා රැස්වීමට පැමිණි අම්බලන්ගොඩ නගර සභාවේ නිලධාරිනියන්ට සභා ගර්ඹයෙන් පිටව යානොදී සිය අත් අඩංගුවේ තබා ගැනීමට සභා රැස්වීමට සහභාගීවූ මන්ත්‍රීවරියන් පියවර ගෙන ඇත.එමෙන්ම එයින් නොනැවතුණු ඔවුහු අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම්වරියගේ නිල කාමරයද විපක්ෂයේ මන්ත්‍රීවරු වටලා කෑකෝ ගැසූහ.
එහිදී ඇතිවූ තත්ත්වය සමතයකට පත් කිරීමට අම්බලන්ගොඩ පොලීසියද කැදවා තිබූ අයුරු දක්නටද ලැබිණ.
සිය නගර සභාවේ සභාපතිවරයා අයවැය සදහා චන්දයක් ඉල්ලූවිට එය ලබා නොදී මෙසේ පැනයාම තමන්ද අනුමත නොකරන බව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම අප සමග අදහස් දැක්වූහ.
ඒ මෙවර මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේය. එම වසරේ අයවැය සදහා චන්දයක් ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලපිටිය මහාධිකරණයේ නඩුවක්ද ගොනු කොට තිබෙන අතර එය මේ වනවිට විභාගවෙමින් පවතී.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)





