ශ්‍රි ලංකා පොදුජන පෙරමුණය බලය හිමි ලග්ගල ප්‍රාදේශිය සභාවේ 2022 අය වැය ලේඛනය දෙවැනි වටරත් වැඩි ඡන්ද පහකින් අද (09)දා පරාජයට පත් විය.
ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) බුද්ධික සේනාරත්න මහතා විසින් දෙවැනි වටරත් අය වැය ලේඛනය ඉදිරිපත් කෙරුණි.
අය වැය ලේඛනයට විරුද්ධව ඡන්ද 11ක්ද පක්ෂව ඡන්ද 06ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනෙක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකුද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
අය වැයට පක්ෂව සභාපතිවරයා ඇතුලු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් හයදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර එම පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු ඡන්දය දිමෙන් වැලකි සිටියහ.
ඉකුත් මස 25 දින පළමු වරට අය වැය ලේඛනය පරාජයට පත් වුණු අතර නැවත ඊයේ(09)දින සභාපතිවරයා අය වැය ලේඛනය ඉදිරිපත් කෙරුණි.