විපක්ෂයේ මන්ත්‍රීවරයාට අදහස් පළ කිරීමට අවස්ථාව දෙන්න - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
අපි එකඟ වෙන්නේ නෑ 05න් පස්සේ විපක්ෂයට අවස්ථාව දෙනවට - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථාවේ අද(03දා) පැවති විවාදයේදී කතිකයන්ට කාලය වෙන් කිරීම සම්බන්යෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.
කාරක සභා අවස්ථාවේ විවාධය පස්වරු 05 දක්වා පැවැත්වෙන අතර සභාවේ වැඩ කටයුතු අවසන් නොවන අවස්ථාවන්හීදී කාලය දීර්ඝ කිරීම පියවර ගැනේ.
ඒ අනුව අද දිකයේදී පස්වර් 05 පසු කාලය දීර්ඝ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
එම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අදහස් පළ කිරීමට අවස්ථාව නොදී අමාත්‍ය සරත් වීරසේකර මහතාට පිළිතුරු කතාව ඉදිරිපත් කිරීමට අවස්ථාව දීමත් සමග මෙම උණුසුම් තත්ත්වටක් හට ගැනුනේය.
පස්වරු 05න් පසු කාලය වෙන් කිරීමට කටයුතු කරන්නේ නම් විපක්ෂයේ මන්ත්‍රීවරයාගේ(මනූෂ නානායක්කාර) අදහස් පළ කිරීම අවසන් කිරීමට කාලය ලබා දිය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් පස්වරු 05න් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවාදයේ අදහස් පළ කිරීමට ආණ්ඩු පක්ෂය එකඟ නොවන බව එහිදී අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය මධ්‍යයට පැමිණීමත් සමඟ සභාව උණුසුම් වූ අතර එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට අදහස් පළ කිරීමට ස්වාධීන තීන්දුවක් ලබා දෙන ලෙස නැවතත් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් තීන්දුව ලබා දී අවසන් බව කථානායකවරයා ඊය පිළිතුරු දෙමින් පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - 05න් පස්සේ වෙලාව ගන්නවා නම් මෙතුමාගේ (මනූෂ නානායක්කාර) සම්පූර්ණ වෙලාව දෙන්න.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - අපි කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ නෑ. 05න් පස්සේ ඇමතිවරයාට( සරත් වීරසේකර) ලබා දීලා අවසන් කරන්න ඔ්නී. අපි එකඟ වෙන්නේ නෑ 05න් පස්සේ විපක්ෂයට අවස්ථාව දෙනවට.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර - දැන් මම කියන්න සූදානම් වෙන්නේ යහපාලන ආණ්ඩුවේ හොරකමක් පිළිබඳව. කථානායකතුමන් මම යහපාලන ආණ්ඩුවේ හොරකමක් පිළිබඳ කියන්න යන්නේ. පොඩ්ඩක් ඉඩ දෙන්න.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - දැන් තිබෙන්නේ ඇමතිතුමාගේ පිළිතුරු කතාව. ඒ වෙලාව ලබා දෙන ලෙස ඔබතුමාගෙන්(කතානායක) ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර - මගේ විනාඩි 13 ඉවර වුනෙත් නෑ. බය වුන එකට මෙහෙම කරන්න බෑ. 05න් පස්සේ යනවා නම් මේ කතාව ඉවර වෙන තුරු දෙන්න ඔ්නී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර - ඔබතුමා 05න් පස්සේ සභාවේ වැඩ කටයුතු අවසන් වෙනකන් කල් ගත්තා. මීට කලින් දවසකත් එහෙම කළා. ඒකෙදි ඔය තියෙන වෙලාවත් එක්ක නෙවෙයි කටයුතු කළේ. අධ්‍යාපන අමාත්‍යාංශට යටතේ 06 වෙනකන් අපි විවාද කළා. ඒ නිසා කථානායකතුමා ස්වාධීනව මේ තීන්දුව දෙන්න.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - තීන්දුව දීලා අවසානයි.
VIDEO