අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පලෙන් මාලු රැගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති අතර එම ආසාදිතයන් දෙදෙනා අඹන්පොල නගරයේ සැරිසරන ලද ව්‍යාපාරික ස්ථාන සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමට සහ නිරෝධායන කටයුතු සඳහා සෞඛ්‍ය අංශ වලට සහාය දක්වමින් වෙළඳ සංගමය මෙම පියවර ගෙන ඇති බවද පොලීසිය පැවසීය.