අඹගමුව ප්‍රාදේශිය සභාවේ සේවකයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාවේ අදායම් අංශය තාවකාලිකව වසා දැමු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.
එම ප්‍රාදේශිය සභාවේ සේවය කරන සේවකයින් 30 දෙනෙකු පසුගිය දා පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්, ඉන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවද සභාපතිවරයා පැවසිය.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ තවත් සේවකයින් පිරිසක් පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට නියමිත බවත්,එම පිරිසද පි.සි.ආර් පරික්ෂණයට යොමු කිරිමට අවශ්‍යය පියවර ගෙන ඇති බවද අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසිය.