ගෙවත්තකට අනවසරයෙන් ඇතුල්වී අඹ ගෙඩි 19 ක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් විවාහක වයෝවෘද්ධ කාන්තාවකට දඩුවම් නියම කිරීම මේ මස 30 දාට කල්තැබූ අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා සැකකරිය පෙර ඇපමත මුදාහරින ලෙස නියෝග කලේය.
ඉකුත් 2017 වසරේ ඔක්තොම්බර් මස 11දා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැරීමට එවකට හිටපු ප්රධාන මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී.ශානක හර්ෂන මහතා නියෝග කර තිබුණි.
සැකකාර කාන්තාව එකි චෝදනාවට වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්රකාශ කිරීමත් සමග නඩුවේ තීන්දුව ලබන 30 වනදා ප්රකාශ කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ කිවේය.
අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව පෙර ඇපමත මුදා හැරුණේ අනුරාධපුර සාලියපුර ජයන්ති ග්රාමයේ අංක 56 ලිපිනයේ පදිංචි ලලිතා ආනන්ද (65) නැමැත්තියයි.
සැකකාර වයෝවෘද්ධ කාන්තාව සිය නිවස පිහිටි ගෙවත්තේ ඇති අඔ ගසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග්රාමයේ අංක 46 ලිපිනයේ පදිංචි වෙරළදෙණියේ විදානලාගේ උදේනි පෙරේරා මහත්මිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට 2017 වසරේ ඔක්තොම්බර් මස (09දා) සිදුකළ පැමිණිලිල්ලකට අනුව සැකකාර කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැය විසි හතරක කාලයක් සිර බාරයේ තබා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය අඹ ගෙඩි 19ක ප්රමාණයක් අදාල නිවස පිහිටි වත්තේ අඹ ගසෙන් කඩා නොගත් බවත් අඹ මාළුවක් සදහා අඹ ගෙඩි තුනක ප්රමාණයක් පමණක් කඩා ගත් බවත් පොලිසියට පවසා තිබුණාය. නමුත් අතින් අඹ ගෙඩි 16ක් දමා බොරු පැමිණිල්ලක් දමා තිබෙන බවත් ඈ මීට පෙර පොලිසියට පවසා තිබුණාය.
අනුරාධපුර බී.ජී. චතුරංග