අම්පාර අභයභූමිය තුළ පිහිටි හෙක්ටයාර 46.18ක භූමියක පිහිටි නාගරික හා සංවර්ධිත ඉඩම් ඉවත් කර නව මායිම් නැවත සකස් කිරීමට වනජීවී රැකවරණය, අලිවැට හා අඟල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අභය භූමියේ පිහිටි සාමපුර හා කරංගාව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුළ පිහිටි අම්පාර සිතියමේ ඒ.බී.සී. කොටස් ඉවත් කිරීමට නියමිතය.
අම්පාර සංවර්ධන සැලැස්මේ ඩී කොටස තවදුරටත් අභය භූමිය තුළට අයත් කොටසක් ලෙස පවත්වාගෙන යාමට නියමිතය.
අම්භාර අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව වුවද සිදුකරන ලද සංවර්ධන කටයුතු සඳහා රජයේ ඉඩම් නිසි පරිදි ඉවත් කර නොමැති බවද වාර්තා වෙයි.
නගර සභා ක්‍රීඩා පිටි, පන්සල් වැනි රජයට අයත් හා රජයට අනුබද්ධ විවිධ පොදු කටයුතු සඳහා අභය භූමියේ ඉඩම් සංවර්ධනය කර තිබීමත් අභය භූමියේ ඇතැමි කොටස් රජයේ අනුග්‍රහය යටතේ පෞද්ගලික අංශය වෙත ලබාදී සංවර්ධනය කර තිබීමත් එවැනි ප්‍ර දේශ අභය භූමියෙන් ඉවත් කිරීම සුදුසු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.
මෙම අභය භූමිය 1954දී ප්‍රකාශයට පත්කර ඇති අතර එයට හෙක්ටයාර 9323.96ක භූමි ප්‍රමාණයක් අයත් වෙයි.
