පොහොර හිඟයෙන් පෙළෙන ගොවි ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
ගොවි ජනතාව නියෝජනය කරන පුද්ගලයෙක් ලෙස ගොවීන් මුහුණදී සිටින පොහොර ගැටලූව සම්බන්ධව කනගාටුවට පත්වන බව පැවසූ ඇමැතිවරයා රසායන පොහොර ආනයනය නතර කරමින් එළඹෙන මහ කන්නයේ සිට කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණයක් ගත්තේ යල කන්නයට අවශ්‍ය රසායන පොහොර ප්‍රමාණවත් ලෙස ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාදුන් තොරතුරු අනුව බව කීවේය.
රසායන පොහොර ආනයනය නතර කිරීම නිසා ඇතැම් වෙළෙඳුන් පොහොර සඟවාගෙන සිටින බවත් එම තත්ත්වය මත ගොවීන් දැඩි දුෂ්කරතාවලට මුහුණදී ඇති බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.