අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පිණී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (1දා) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති නාවල, කොළඹගේ මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.