අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයට අද (22) පෙරවරුවේ සිට සංචරණ සීමා පනවා ඇතැයි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් 34 දෙනකු හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශයේ පවුල් 500ක පමණ පුද්ගලයන් 3000කට අධික පිරිසක් වාසය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මැලේකොලනිය ප්‍රදේශයට අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරින් සහ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් යොදවා ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයට ඇතුළු වීම හෝ පිටවීම අද පෙරවරුවේ සිට තාවකාලිකව නවතා දමා තිබේ.