සේවකයින් හතරදෙනෙකු කොවීඩ් -19න් ආසාදිත යයි හදුනාගැනීමත් සමගම ඊයේ (16 ) සිට අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ බැංකු ශාඛාව ඊයේ (16 ) දහවල් විෂබීජහරණයට ලක් කළ බව එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය.
තවද කොවීඩ් -19න් ආසාදිත සේවකයින් සමග එකට වැඩකළ එම බැංකු ශාකාවේ සේවකයින් සියලුදෙනාම ස්වයං නීරෝධායනයට ලක් කළ බවද ඔහු කීවේය.
ඔවුන් සියලුදෙනාටම පී.සී.ආර්. පරීක්ෂන සිදු කර බවත් මේ බැංකු ශාඛාව යළි විවෘත කරන්නේනම් එම ශාඛාවට වෙනත් කාර්ය මණ්ඩලයක් යොදන ලෙසටද උපදෙස් දුන් බවත් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත