කොරෝනා වෛරසය ආසාදනය වු අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවලගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ 06 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කෙසේ වුවද මෙම යුවලගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ 06 දෙනා දින 14ක කාලයක් තවදුරටත් නිවෙස්වල නිරෝධායනය ලක්කිරිමට පියවරගෙන ඇති බවද ඒ මහතා පවසයි.
මෙකි දරු දෙදෙනාගේ පියා ආරක්ෂක සාමාජිකයෙකි. ඔහු නිරෝධයන කාලය තුලදි තම දරු දෙදෙනා රැගෙන අම්බලන්ගොඩ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල් දෙකකට පැමිණිම නිසා එම පාසල් දෙකේ සිසු දරු දැරියන් 30 දෙනෙකු හා ගුරුවරුන් 08 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන තිබුණි. මෙකි දරු දෙදෙනාගේ ළගම ආශ්‍රිතයින් තවදුරටත් නිවෙස්වල නිරෝධායනයට ලක්කිරිමට පියවර ගන්නා බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙකි ආරක්ෂක සාමාජිකයා ඔක්තෝබර් මස 29 වැනිදින කොරෝනා ආසාදිත රෝගියකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැණුනි. ඒ සමග ඔහු කොළඹ නගරයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය කිරිමට කටයුතු කළ අතර පසුගිය 16 වැනිදින මෙකි යුධ හමුදා සාමාජිකයාගේ නිරෝධායන කාලය අවසන් විමෙන් පසු නිවසට පැමිණ තිබුණි. මොහුට නිවස තුල දින 14ක් තවදුරටත් නිරෝධායනය වන ලෙස යුධහමුදාව මගින් උපදෙස් ලබා දි තිබුණි.
23 වැනිදින මෙකි ආරක්ෂක සාමාජිකයා හා බිරිද ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග ඒකකය මගින් පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරිමට කටයුතු කළ අතර. පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල එමට පෙර ආරක්ෂක සාමාජිකයාට උණ රෝගය වැළිදම නිසා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කරණු ලැබිය. පි.සි. ආර් පරික්ෂණ ප්‍රථිපලවලට අනුව මෙකි යුවලට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි. නිරෝධායන කාලය තුලදි ඔහු දරු දෙදෙනා පාසලවෙත රැගෙන විත් තිබුණි.
ජිනේෂ් නානායක්කාර චන්දනසමරවික්රම