අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටලුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්.
විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (8) අමාත්‍යාංශයේදි මාධ්‍ය ප්‍රධානීන් හමුවු අවස්ථාවේදිය.
අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා.
එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා.
නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා.
අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා. එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ.
කෂිනි හපුආරච්චි