වා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.
ස්වෙස්ඩා සේවා මොඩියුලයේ මෙම වා කාන්දුවක් හේතුවෙන් පීඩනය පහත වැටීම සිදුව ඇති බවත්, ඉදිරි පැය 24 තුළ පීඩනය වැඩි කිරීමට කටයුතු කරන බවත් රොස්කෝස්මොස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"එය තවමත් ගැටලුකාරී ස්වෙස්ඩා මොඩියුලයේ අපේක්ෂිත නමුදු තියුණු පහත වැටීමක් දක්වා වර්ධනය වී නැහැ. එය පර්යේෂණ මොඩියුලයට සම්බන්ධ වූවක්ද නොවෙයි" එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා නේවාසිකාගාර සහ ජීවිත ආධාරක පද්ධති සපයන ස්වෙස්ඩා මොඩියුලයේ වා කාන්දු වීම පසුගිය වසරේදී ද අනාවරණය විය.
එය කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් ඇති නොකළ නමුත්, ඉරිතැලීම් මුද්‍රා කිරීමෙන් එය පිළිසකර කිරීමට උත්සාහ කළද එය අඛණ්ඩව පවතින බව කියයි.