පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (05දා) සෝමපුර හා අභයපුර ගම්මාන විවෘත කිරීම පිළිබදව මාධ්‍යට අදහස් දක්වමිනි. එහි දී හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොටඨාසයෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික සෙබලෙකු හමුවීමත් සමග ඉකුත් අප්‍රේල් (22) දා සිට වසා දැමුණු එම ගම්මානවල සෘජුව හා සමීපව ඇසුරුකළ පුද්ගලයින් 87 දෙනෙකුගේ පී සී.ආර් පරික්ෂණ සිදු කර එම සියලු දෙනාගේම වාර්තා සලකා බලා මෙම තීරණය පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා විසින් ගත් බවයි.